hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 9:39



සියලුම රජයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

ඒ අනුව, සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 පෙබරවාරි 19 වැනිදා සිට අප්‍රේල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියරද, අප්‍රේල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා පළමු වාරයේ දෙවැනි අදියරද ක්‍රියාත්මක කරයි.

පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජුනි 10 වැනිදා සිට එම මාසයේ 25 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව ද පැවසේ.

2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 01 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වීමට නියමිතව තිබේ.

තවද තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2024 සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වී නොවැම්බර් 22 වැනිදා අවසන් වන අතර, තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා ආරම්භ වී එම මාසයේම 31 වැනිදා අවසන් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්, මුස්ලිම් පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්ද සඳහන් කර ඇත.

ඒ අනුව පළමු වාරයේ පළමු වන අදියර 2024 පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වාද, දෙවැනි අදියර අප්‍රේල් 15 සිට මැයි 03 වැනිදා දක්වාද ක්‍රියාත්මක වන අතර, පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජුනි 10 වැනිදා ආරම්භ වී ජූලි 05 වැනිදා අවසන් වීමට නියමිත බවයි පැවසෙන්නේ.

2024 දෙවැනි පාසල් වාරය ජූලි 08 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 13 වැනිදා අවසන්වීමට නියමිතව පවතී.

සියලුම මුස්ලිම් පාසල්වල තුන්වන වාරයද අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර ඇති අතර, ඒ අනුව තෙවැනි වාරයේ පළමුවන අදියර 2024 සැප්තැම්බර් මස 23 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 11 වැනිදා දක්වාද, දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා සිට එම මාසයේ 31 වැනිදා දක්වාද ක්‍රියාත්මක වීමට නියමිතයි.

සාමාන්‍ය ආකාරයට වසරකට රජයේ පාසල් සහ පිරිවෙන් වසරකට දින 210 ක් පැවැත්විය යුතු වේ.

නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ, 2025 වර්ෂයේ යෙදී ඇති රජයේ නිවාඩු දින හේතුවෙන් පාසල් දින 170 ක් පමණක් පැවැත්වීමටයි.

එමෙන්ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මාසයේදී සහ සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මුල් භාගයේදී පැවැත්වීමටද තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: