hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 12:49



අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පාසල් 29ක් දින නියමයක් නොමැතිව අද (19) සිට වසා දමා තිබෙනවා.

මෙලෙස වසා දමා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 09ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 09ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් 09කි.

අදාළ පළාත්වල වැසියන් වර්ෂාව හේතුවෙන් විපතට පත් වී ඇති අතර රජයේ පාසල් ගොඩනැගිලි කීපයක පවත්වා ගෙන යන සුබ සාධන කඳවුරු නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙනවා.

මේ අතර උතුරේ දැනට ක්‍රියාත්මක පාසල් වලට යාමට නොහැකිව ගංවතුර මධ්‍යයේ සිටින පාසල් සිසුන්ට යුද හමුදාව විසින් ගමනාගමන පහසුකම් සලසා ඇති බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: