hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 02, ප.ව. 5:06



2024 වර්ෂයේ සංශෝධිත පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24 වනදා සිට මැයි මස 03වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වනදා සිට මැයි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

දෙවන පාසල් වාරය ජුනි මස 03 වනදා සිට අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා.

2024 වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 26 වනදා සිට නොවැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙන බව සඳහන්.

උසස් පෙළ විභාගයෙන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 02 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

2024 තෙවන පාසල් වාරය අවසන් වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ ජනවාරි මස 17 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: