hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2024 මාර්තු 10, පෙ.ව. 12:03



කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වර්තමානයේ බිහිවන දරුවන්ට ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ ඇති බවයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා මේ බව ප්‍රකාශ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනුයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නේ ඉදිරි රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: