2023 මාර්තු 14, පෙ.ව. 4:14
කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියන් හට ඊයේ (13) පාසල් පංති කාමරයෙන් එපිට එලිමහනේ වර්ෂාවසාන විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් සිසුවියන් දැඩි පීඩාවන්ට පත්වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
සිසුවියන්ට පංති කාමරයක් නොලැබීම හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලේ මිදුලේ විභාගය ලිවීමට සිදුව තිබූ අතර එහිදී පැවති අධික අව් රශ්මිය හේතුවෙන් සිසුවියන් දැඩි පීඩාවන්ට පත්වූවා.
එහිදී ඇතැම් සිසුවියන් විසින් අව් රශ්මිය ඉවසාගත නොහැකි වීමෙන් යතුරුපැදි හෙල්මට් සහ කුඩ ඉහලාගෙන විභාගයට පෙනී සිටි අයුරු දැකගත හැකි වූ බව වාර්තා වුණා.
මෙලෙස සිසුවියන් එලිමහනේ විභාගය ලිවීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ දෙමාපියන්ද දැඩි අපහසුතාවයන්ට පත්වූ බවටත් එලිමහනේ මෙලෙස විභාගය ලිවීමට සිදුව ඇත්තේ පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය අතර ඇති වූ මත ගැටුමක් බවටද සිසුවියන්ගේ දෙමාපියන් පවසා සිටියා.
එමෙන්ම විභාගය පැවත්වීමට පහසුකම් ඇති ශාලාවක් මෙන්ම පංති කාමරයක් තිබියදී තම තරුවන් මෙලෙස දැඩි අව් රශ්මියේ විභාගය ලිවීම ඉතා ඛේදනීය තත්වයක් බවටත් පාසලේ විදුහල්පති මෙයට වගකිව යුතු බවටද දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියා.



වන්නි – රොමේෂ් මධුෂංඛ
2026 අප්‍රේල් 30, ප.ව. 4:56
2026 අප්‍රේල් 30, ප.ව. 3:36
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49