hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 04, පෙ.ව. 9:57



පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ මෙන්ම හෙට (05) දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට (05) යන දෙදින නිවාඩු ලබාදෙන අතර කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදී ඇත.

එමෙන්ම හෝමාගම, ගම්පහ සහ කැලණිය යන අධ්‍යාපන කලාපවල පාසල්වලට ද කඩුවෙල කොට්ඨාසයේ පාසල්වලට ද අද දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඉදිරි දිනවල පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: