2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:10
පසුගිය කාලයේ සිදුවූ වංචා දූෂණවලට එරෙහිව හොරුන් ඇල්ලීම පමණක් රටක් ආර්ථික වශයෙන් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවන බවත්, ඒ සමඟම සමස්ත ආර්ථිකය හා රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් ශක්තිමත් කළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බලයට පත්වූ රජය හොරකම් නොකර සිටීම මෙන්ම අතීතයේ සිදුවූ මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීම ජනවරමේ ප්රමුඛ අපේක්ෂාවක් බවයි.
ඉදිරියේදී කිසිවෙකුට හෝ දේශපාලනයට පැමිණ මෙවැනි වංචාවන් සිදුකිරීමට නොසිතෙන පරිසරයක් නිර්මාණය කළ හැක්කේ එම නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාමෙන් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
එහෙත්, හොරුන් ඇල්ලීමෙන් පමණක් රටක ආර්ථික ගැටලු නිරාකරණය නොවන බව අවධාරණය කළ ලාල් කාන්ත මහතා, අයවැයෙන් වෙන් කරන මුදල් සියයට සියයක් ඵලදායී ලෙස රටේ සංවර්ධනයට යෙදවීමේදී රාජ්‍ය සේවයේ පවතින නිලධාරී හිඟය සහ සීමිත ධාරිතාව බරපතළ බාධාවක් වී ඇති බව පැවසීය.
එබැවින් වෙන් කෙරෙන මුදල් නිසි ලෙස කළමනාකරණය කර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට නම් රාජ්‍ය අංශය කඩිනමින් ශක්තිමත් කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට රජය කිසිසේත් ඇඟිලි නොගසන බව අවධාරණය කළේය.
“අපරාධ හෝ මුදල් වංචා කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඇප ලබාදීම හෝ දඬුවම් නියම කිරීම අධිකරණ ක්‍රියාවලියක්. උදාහරණයක් ලෙස නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව සෘජුව මැදිහත් වන්නේ නැහැ; ඒ සියල්ල නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය හරහා ස්වාධීනව සිදුවිය යුතුයි. අප සිදුකරන්නේ අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම පමණයි,” යනුවෙන් ඔහු කියා සිටියේය.
මේ අතර, දුම්රිය වැඩවර්ජනය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඕනෑම වෘත්තීය සමිතියකට සිය අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට හෝ වර්ජනය කිරීමට පූර්ණ නිදහස පවතින බවයි. පසුගිය වසර දෙක තුළ මතුවූ මෙවැනි ගැටලු රැසක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් ආකාරයටම, පවතින දුම්රිය වැඩවර්ජනයද සාකච්ඡා මගින් සාමකාමීව විසඳාගත හැකි වනු ඇතැයි රජය දැඩිව විශ්වාස කරන බවද අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:14
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:10
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26