hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 20, ප.ව. 7:56



මහ ඔය කැප්පෙටිපොල ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසුවෙකුට පෙරේදා(18) පාසල් තුලදී ගුරුවරුන් තිදෙනෙකු කළ පරදීමකින් එම දරුවා අසාධ්‍යව රෝහල් ගත කර ඇතැයි වාර්තා වනවා.

එම පාසල් සිසුවාට අතින් කළ පහරදීමෙන් බිම ඇඳ වැටී ඇති අතර පසුව බිම ඇඳගෙන වැටුණු සිසුවාට යළි නැගිටවා අමානුෂික ලෙස පහරදී ඇතැයි වාර්තා වනවා.

පසුව සිසුවා ක්ලාන්ත වී වැටී සිටියදී රෝහල් ගත කර ඇති බවත් පසුව සීටී ස්කෑන් පරීක්ෂණයක්ද සිදුකර ඇති බවත් අප කළ සොයාබැලීමකදී හෙළිදරව් වුණා.

රෝහල් ගත කිරීමෙන් පසු සිද්ධියට මුහුණ දුන් සිසුවාගෙන් රෝහල් පොලීසිය ප්‍රකාශයක්ද ලබා ගෙන ඇති අතර එම ප්‍රකාශය මගින්ද සිසුවා සඳහන් කර තිබෙන්නේ තමන්ට ගුරුවරුන් පහරදුන් බවයි.

වෛද්‍ය පරීක්ෂණ මගින්ද සිසුවාට පහරදීමක් සිදු කර ඇතැයි හෙළිවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

විදුහල්පතිවරයා සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සමථයකට පත් කර ගන්නා ලෙසයි.

ඒෂියන් මිරර් අප කැප්පෙටිපොල ජාතික පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම කටයුතු කළද එම උත්සාහය ව්‍යර්ථ වුණා.

මහ ඔය පොලීසියේ නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ අදාල සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර ගෙන යන බවයි.

පසුව සිද්ධියට සැකපිට ගුරුවරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබු බව වාර්තා වුණා.