hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 9:14



පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්වයක් පවතින අවස්ථාවලදී අහිතකර ප්‍රතිපල ඇතිවිය හැකි බැවින් එම මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවන ඉවත් වීම හේතුවෙන් ඇති වන මස් පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ, උතුර, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ අවධානය යොමුකළ යුතු මට්ටමේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් පවතින බවයි.