hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:02



2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබෙනවා.

රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා අඩු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමග රජයේ පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින මෙලෙස අඩු කර තිබෙනවා.

ලබන වසර සඳහා වන පාසල් වර්ෂය තාක්ෂණික වශයෙන් ජනවාරි 27 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: