2023 ජූනි 14, පෙ.ව. 7:52
රත්නපුර ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයකුගේ වැඩ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.
එම විදුහල්පතිවරයාට සිසුවකු ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනා එල්ල වී තිබුණා.
වැඩ තහනම් කර තිබෙන කාලයේ දී ඔහුට වැටුප් නොගෙවන අතර, එම කාලයේ දී විනය බලධාරියාගේ විධිමත් අවසරයකින් තොරව රටින් බැහැරව යා නොහැකි බව අමාත්‍යාංශයට විදුහල්පතිවරයාට දන්වා තිබෙනවා.
එමෙන් ම වැඩ තහනම් කාල සීමාවේ දී පාසල් භූමියට ඇතුළු වීම ද විදුහල්පතිවරයාට සපුරා තහනම් වනවා.
අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභා අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය මතයි.
එම කමිටුව අදාළ අනුමැතිය ලබා දී ඇත්තේ අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේ අතුරු වාර්තාව සලකා බැලීමෙන් පසුවයි.
අදාළ විදුහල්පතිවරයා මෙම චෝදනාවට ලක් වූයේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දීයි.
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24