hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 ජූලි 25, ප.ව. 12:29



පළමු පාසල් වාරය අද (25) දින ආරම්භ කිරීමත් සමග හැටන් ප්‍රදේශයේ වතු ආශ්‍රිත සහ නගරබද පිහිටි රජයේ සහ රජයේ අනුමත පාසල් වෙත ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉහල මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

පාසල් ළමුන්ට සහ ගුරුවරුන්ට පාසල් වෙත පැමිණිමට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් අද (25) ධාවනයට එක් කර තිබු අතර රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ වලට හැටන් ලංගම ඩිපෝව මගින් ඩීසල් ඉන්ධන නිකුත් කිරීම නිසා පෞද්ගලික පාසල් වලට ළමුන් සාමාන්‍ය පරිදි ප්‍රවාහනය කිරීමට පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ හිමියන් පියවර ගෙන තිබුණා.

මේ අතර හැටන් ලංගම ඩිපෝවෙන් පෞද්ගලික බස් රථ වලට ඉන්ධන නිකුත් කිරීම නිසා හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලින් දිනපතා දුර සහ කෙටි දුර ධාවනය කරන පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබූ අතර එයට සමගාමිව හැටන් ලංගම ඩිපෝව මඟින් ලංගම බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කර තිබු බව අප වාර්තාකරු සඳහන් කළා.

හැටන් – රංජිත් රාජපක්ෂ