hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 13, පෙ.ව. 12:06



අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ මගින් හදුන්වා දි ඇති විධිමත් ක්‍රම වේදයන්ගෙන් බැහැරව විදුහල්පතිවරුන් අමතා නිකුත් කරනු ලැබු  ලිපි උපයෝගි කරගෙන අතරමැදි ශ්‍රේණි සදහා ( 2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 කාලය තුල) සිසුන් 2237 දෙනෙකු  ඇතුලත් කරගැනිමට එම ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට සිදුවි තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.

.මෙසේ අතිශය ජනප්‍රිය පාසල් 34ක් ඇතුළු පාසල් 41ක් සදහා  සිසුන් ඇතුලත් කරගෙන තිබු අතර එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ සිටි ලේකම්වරයා විසින් විවිධ පාර්ශවයන්ගේ ඉල්ලිම් නිර්දේශයන් හා අභියාචනයන් හා නියෝග ආදි ලිපිමත  මෙම ලිපි නිකුත්කොට තිබුණි.

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිසුන් ඇතුලත් කරගැනිම සදහා ලිපි  3,308ක් නිකුත්කොට තිබුණි.

එසේ නිකුත්කරනු ලැබු ලිපි අතුරින් ලිපි  2367ක්  එනම් සියයට 72ක ප්‍රමාණයක් රජයේ ඇමතිවරුන්, මහජන නියෝජිතයින්,  දෙපාර්තමේන්තු ප්‍රධානින්,  ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය ආදි විවිධ තැනැත්තන් වෙතින් ලද ඉල්ලිම් නිර්දේශයන් අභියාචනයන්  හා නියෝග ආදි නියෝජනවලට අනුව නිකුත් කරනු ලැබු ලිපි බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්   සිසුන් ඇතුලත්කරගන්නා ලෙස කොන්දෙසි රහිත ලිපි 1460ක්  නිකුත්කොට තිබුණා.

එමෙන්ම අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත්කර ගැනිම 2022 මැයි මස 23 දින සිට තාවකාලිකව අත්හිටුවන බව දන්වා තිබුණා.

එහෙත් 2022 මැයි 23 දින සිට 2022 ඔක්තෝබර් මස 31 දින දක්වා කාලය තුල වර්තමාන ලේකම්වරයා විසින් ලබාදුන් ලිපි මත ජනප්‍රිය පාසල් 09ක් සදහා සිසුන් 275 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් 07ක් සදහා  මෙම වර්ෂයේ (2023) අප්‍රේල් මස 26 සිට  ජුලි මස දක්වා කාලය තුල සිසුන් 103 දෙනෙකු ඇතුලත්කොට  ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මෙම තත්ත්වය නිසා අනුග්‍රහයන් නොමැති දෙමව්පියන්ගේ සහ සුදුසුකම් සපුරාලන සිසුන්ට ජනප්‍රිය ලෙස හදුනාගෙන ඇති ජාතික පාසලකට ඇතුලත්විමේ සම ප්‍රවේශ අවස්ථාව අහිමිවි ඇති  බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: