hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 22, ප.ව. 6:46



මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල්වල ආපදා අවම කර ගැනීම සඳහා කඩිනම් තීරණ ගැනීමේ බලය මධ්‍යම පළාත් අණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් කලාප අධ්‍යක්ෂවරුන්ට පවරා දී ඇත.

එහි අරමුණ වන්නේ පවතින ක්‍රමය යටතේ ධුරාවලියට අනුව කටයුතු කිරීමේ දී සිදු වන ප්‍රමාදයන් වලක්වා ගැනීමයි. 

ඒ බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා.

මේ අතර, මහවැලි අධිකාරිය සඳහන් කළේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කර ඇති බවයි.

ඒ අනුව වික්ටෝරියා ජලාශයට ජලය තත්පරයට ඝන මීටර් 12,000 ක් මුදා හැරෙනු ඇත.

ඒ බව පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ක්‍රිෂාන්ත ඩයස් පැවසුවා.

කෙසේ වෙතත්, තවදුරටත් අධික වර්ෂාව ඇද හැලු‍නහොත් තවත් හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදු වෙනවා.

ඒ බැවින් මහවැලි ගඟ දෙපස වාසය කරන්නන් හා ගංගාව පරිහරණය කරන්නන් විමසිලිමත්ව කටයුතු කළ යුතු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: