hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 11:01



පාසල් දරුවන් නොයෙකුත් ආකාරයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී අත්ර්හි බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවා.

පාසල් යන තම දරුවන් ගැන දෙමාපියන් නිතර විමසිලිමත් වීම ඉතා වැදගත් බවද සඳහන් කළා.

දෙමව්පියන් කොතරම් කාර්යබහුල වුවත් තම දරුවන් පිළිබඳව විමසිලිමත් විය යුතු බවත් දරුවන් ආශ්‍රය කරන පුද්ගලයන් කවුද යන්න පිළිබඳව දෙමව්පියන් අවධානයෙන් පසු විය යුතු බවද ඇය කියා සිටියා.

නියෝජ්‍ය පොලිස්පතිනිය වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා,

“සමාජයේ තිබෙන විවිධ අභියෝග අපිට එකවර නතර කරන්න බැහැ. ටොෆි, චොකලට්, ටැබ්ලට් ලෙසින් නොයෙකුත් විදිහට පාසල් තුළට අද වෙනකොට මත්ද්‍රව්‍ය ඇතුළු වෙලා තියෙනවා. දෙමාපියන් වශයෙන් ඔබ මේ ගැන දරුවන් දැනුවත් කරන්න. ඒවායේ ආදීනව ගැන කියාදෙන්න. දරුවා විශ්වාස කරලා අවිශ්වාසයක් ඇති නොවන විදිහට ඔහු ගැන සොයා බලන්න. දරුවා පාසලට ගියාම, ක්ලාස් ගියාම ඇසුරු කරන යාළුවෝ කව්ද, දහම් පාසලේ ආශ්‍රය කරන යාළුවෝ කව්ද, පාසලට යනඑනකොට මොනවද කරන්නේ, මේවා ගැන නිතර විමසිලිමත් වෙන්න ඕනේ.දෙමාපියන් දරුවන් ගැන විමසිලිමත් වෙනවා නම් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ නැහැ. ඒ නිසා මොනතරම් කාර්යබහුල වුණත් තමන්ගේ දරුවන් ගැන දෙමාපියන් විමසිලිමත්ව කටයුතු කළ යුතුයි.”