hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 23, පෙ.ව. 12:03



පොලිතින්වල ඔතා පාසල වෙත ආහාර රැගෙනවිත් තිබූ සිසුන් 7 දෙනෙකුට එම පොලිතින් කන ලෙසට බල කර, ඔවුන්ට ඒවා කෑමට සැලැස්වීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන එම සිසුන් 7 දෙනා ආහාර රැගෙනවිත් තිබුණේ, පොලිතීන් හා පත්තර කොළවල ඔතාගෙනය.

ආහාර ගැනීමෙන් පසු, එම පොලිතින් සහ පත්තර කොළ නැවත නිවසට රැගෙන යාමට පාසල් බෑගයට දමාගෙන සිටියදී එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ඒවා ඉවතට ගෙන එම මොහොතේ ම ඒවා සපා කන ලෙස බල කර ඇතැයි චෝදනා එල්ල වී තිබෙනවා

ඉන්පසු සිසුන් එම පොලිතීන් හා පත්තර සැපීමට උත්සහ කර ඇති අතර එක් සිසුවෙකු පෙරේදා (21) පස්වරුවේ සහ තවත් සිසුවෙකු ඊයේ (22) උදරයේ වේදනාව, වමනය, උගුරේ වේදනාව යන රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුවෙකුගේ පියා විසින් නාවලපිටිය පොලිසිය වෙත කරනු ලැබූ පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා විදුහල්පතිවරයා වන ජානක ජයවර්ධන දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වුණා.

මේ සම්බන්ධයෙන්, නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මූලික විමර්ශන ආරම්භ කර ඇති බව ත්, අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව නිකුත් කරන තෙක් බලා සිටින බව ත් ය.

”දැනට මේ වෙන කොට නීතිපතිවරයා අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා. ඇරෙස්ට් කරන්න කලින් උපදෙස් ක්‍රමවේද තියෙනවා. ඊළඟට වෛද්‍යවරයා පරික්ෂා කරලා ජේ.එම්.ඕ.ගේ වාර්තාව එනකං ඉන්නේ අපි. මොක ද? ළමයි කැව්වා කිව්වට ඇත්තට ම කැවිලා කියල ද අපි දන්නේ නෑ නේ. ජේ.එම්.ඕ.ගේ වාර්තාව එනකං ඉන්නේ. අනික් සියලු ම සාක්ෂි සටහන් කරලා විදුහල්පතිවරයාගේ මානසික සෞඛ්‍ය ආදී සියල්ල කටයුතු බලලා උසාවියට කරුණු වාර්තා කරලා ඔක්කොම කරලා ඉන්නවා ජේ.එම්.ඕ. වාර්තාව එනකං. මොක ද එම වාට්ටුවේ ඩොක්ටර්ස්ලා බලලා ඇත්ත වශයෙන් ම මෙයාලට එහෙම දෙයක් වෙලා තියෙනව ද? කියලා බලනවා ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: