hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 20, ප.ව. 12:21



ජූලි 25 වන දා ආරම්භ කිරීමට නියමිත පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම, දෛනික පාසල් පැමිණීම, පාසල්වල උත්සව පැවැත්වීම සහ වෙනත් බාහිර කටයුතු සිදු කළ යුතු ආකරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රෙල්ඛයක් නිකුත් තර තිබෙනවා.

ඒ අනුව සතියේ දින තුනක් සාමාන්‍ය කාල සීමාවන්හීදී පාසල් පැවත්වීමට තීරණය කර තිබෙනවා.

අනෙක් දින දෙකේදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇති බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

ඒ අනුව, පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී සාමාන්‍ය කාල සීමාවන්හිදී පාසල් පැවැත් වෙන අතර බදාදා සහ සිකුරාදා යන දිනවලදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙනු ඇති.

පාසල් පැවැත්වෙන දින තුන තුළදී සියලු ම විෂයන් ආවරණය වන පරිදි විශේෂ කාලසටහනක් සකස් කළ යුතු යි.

මේ අතර 2022 වසරේ පළමු වාරය අගෝස්තු 7 වන දින දක්වා දීර්ඝ කෙරෙන අතර දෙවන සහ තෙවන වාර පැවැත්වෙන කාල වකවානුව ඉදිරියේදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.