hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2022 මැයි 04, ප.ව. 1:51



විදුහල්පතිවරයාගේ නිල කාමරයට සහ පරිගනක විද්‍යාගාරයට ගිනි තබා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාසලකයි ඊයේ මෙම ගින්නක් හටගෙන ඇත්තේ.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ගින්න නිවාදමා ඇති අතර, පසුව අනාවරණ වූයේ පාසල් සිසුන් දෙදෙනෙකු විසින් මෙම ගින්න සිදුකර ඇති බවටයි.

විදුහල්පතිවරයා පහර දුන්නේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වී මෙම සිසුන් ගින්න අවුළුවා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් අවුරුදු 12 සහ 8 යන වයස්වල පසුවනවා.