hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 10, පෙ.ව. 2:26



මහනුවර බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැන තිබෙනවා.

තුවාල ලැබූ සිසුවිය මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙම සිසුවිය ඊයේ (09) පෙරවරු 11.30ට පමණ පාසලේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අඩි 15ක් පමණ උසක සිට බිමට පැන ඇති බවයි වාර්තා වෙනවා.

එම සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන අතර කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව සඳහන්.

මෙම සිසුවියට අමතක වීමේ රෝගයක් පවතින බව සිසුවියගේ දෙමව්පියන් විසින් පොලීසිය දැනුවත් කර තිබන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

සිදුවීම පිළිබඳ කටුගස්තොට පොලීසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.