hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 03, ප.ව. 12:16



චක්‍රලේඛවලට පටහැනිව ප්‍රධාන පෙළේ ජාතික පාසල් 35ක අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන විගණන පරීක්ෂණ අවසන් වී ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තෙක් එම පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නතර කර ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඒ මහතා මෙසේද සඳහන් කළා,

“අපේ රටේ ජාතික පාසල් 393ක් තිබෙනවා. එයින් 35ක් නගර ආශ්‍රිතව තිබෙන ප්‍රමුඛ පෙළේ පාසල්. ඒ පාසල්වල පසුගිය වකවානුවේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ඉක්මවා යමින් සිසුන් ඇතුළත් කිරීම් ගණනාවක් සිදුව තිබෙනවා. ඒ නිසා පසුගිය අවුරුදු එකහමාරක කාලය ඇතුළත මෙම පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා විගණකාධිපතිවරයාට යොමු කර තිබෙනවා. ඒ නිසා විගණන පරීක්ෂණ අවසන් වෙලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා තෙක් මේ කිසිම පාසලක අතරමැදි පන්ති සඳහා මේ දිනවල දරුවන් ඇතුළත් කිරීමට කිසිම ඉඩකඩක් නෑ.”