hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 9:14



අද (01) දිනයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය කරන සියලුම වාහනවල රියැදුරන් සහ මගීන් ආසන පටි පැළදීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.

කෙසේ වුවද පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ආසන පටි සැකසීමට මාස 3ක පමණ කාලයක් ලබාදී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.