hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 21, ප.ව. 1:54



මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ සේප්පුවේ බහා තිබූ රුපියල් විසි දෙලක්ෂ හත්දහසක මුදලක් අතුරුදන් බවට රෙජිස්ට්‍රාර්වරයා විසින් මාරවිල පොලිසියට ඊයේ (20) පැමිණිල්ලක් දමා තිබෙනවා.

ලද පැමිණිල්ලට අනුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ සේප්පුව විවෘත කොටම මෙම මුදල සොරාගෙන ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් සේප්පුව භාර ලිපිකරු ඇතුළු එහි සේවකයන්ගෙන් ප්‍රශ්න කොට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මාරවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.පී. රත්නායකගේ උපදෙස් හා මෙහෙයවීම මත මීට අදාළ විමර්ශන කටයුතු සිදු කරනවා.