hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 06, ප.ව. 8:42



චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට ලඟාවීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය  චීන රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිතව තිබූ එම නෞකාව ලබන 17 වනදා දක්වා එහි නැංගුරම්ලා තැබීමට නියමිතව තිබුණා.

අධි තාක්ෂණයෙන් සමන්විත චීන නෞකාව මෙරට සංචාරයකට පැමිණිම කලාපීය ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දියාව ප්‍රකාශ කළා.

හම්බන්තොට වරායට පැමිණීම සඳහා පසුගිය ජුලි 13 වනදා චීනයේ ජියෑන්ග්යින් ප්‍රදේශයෙන් පිටත්වී ඇති එම නෞකාව මේ වනවිට තායිවාන මුහුදු සීමාවට ආසන්න වී තිබෙනවා.

පර්යේක්ෂණ හා ගවේශන කටයුතුවල නිරත වන බව පැවසෙන චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව 2017 නිපදවූවක් වන අතර එහි ගෙන යාහැකි බහාලුම්වල ධාරිතාව ටොන් 11,000ක්.

මෙම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

මේ අතර ලංකාව බරපතළ අර්බූදයකට පත්ව ඇති මේ මොහොතේ චීන සන්නිවේදන නෞකාවකට හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ ලබා දීම දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝද්‍ය සංඝ සභාවේ මහානායක හිමියන් වන අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා.

මේ හේතුවෙන් තවත් ජාත්‍යන්තර අර්බූදයකට රට තල්ලු විය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා.