hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 10:43



පොල්පිතිගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පසුගිය 01 වනදා පැවැති සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි අයගෙන් අපවිත්‍ර වී තිබූ අපද්‍රව්‍යයන් ඉවත් කිරීමට ප්‍රාදේශි සභාවේ සේවකයන් ඊයේ (03) ඉමහත් පරිශ්‍රමයක් දැරීමේ පුවතක් වාර්තා වෙනවා.

ක්‍රීඩා පිටිය තුල පමණක් හිස් බියර් බෝතල් දහසකට අධික සංඛ්‍යාවක් එකතු කර ඉවත් කළ බවත්, ප්ලාස්ටික් හිස් බෝතල් ට්‍රැක්ටර ටේලර් හතරකින් පමණ ඉවත් කිරීමට සිදු වූ බවත් පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ සේවකයෝ පෙන්වා දුන්නා.

ක්‍රීඩාපිටියට අමතරව ඒ අවට මාවත දෙපසෙහි පවා බැහැර කළ යෝගට් කප්, ප්ලාස්ටික් බඳුන්, තැබිලි කෝම්බ, දොඩම් මද, පොතු, ශොපින් දවටන, කඩදාසි ඇතුළු අපද්‍රව්‍යයන්වලින් පරිසරය විනාශ වී තිබෙන බවත් ඒවා සියල්ල ඉවත්කොට පරිසරය පවිත්‍රව තබා ගැනීමට සේවකයන් යොදවා සිටින බවත් පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්ලිව්.ජී.නිශාන්ත කුමාරගේ මහතා පැවසුවා.