2024 අප්‍රේල් 30, ප.ව. 1:24
රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් 04/30 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
විජේ බාලක්‍රිශ්ණන් , රම්‍යා නාගර්කෝවිල් , ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි ගායන ශිල්පීන් පිරිස වූවා.
මෙම පිරිස 04/30 දින දහවල් 11.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරිනියන් විසින් මෙම පිරිස පිළිගැනීම සිදු කළා.
මෙම සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
05/01 දින ද තවත් ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.





2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17