hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 12, පෙ.ව. 11:54



කළුතර පාසැල් සිසුවියන් 16 දෙනෙකුට පමණ ලිංගික අතවර කල බව පැවසෙන 30 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව සැඟව සිටි සැකකරු ඊයේ උදෑසන පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ලිංගික අපයෝජන සිදු කල බව පැවසෙන දැරියන් තිදෙනෙකුගේ මව්පියන් ඔහුට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව පොලිසිය සිදු කල මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් දොළොස් හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවයි.

පොලිසිය පවසන්නේ අගතියට පත් දැරියන් මෙන්ම මව්පියන් ද ඉදිරිපත් වීමේ මැලිකමක් නිරීක්ෂණය වන බැවින් එවැනි දැරියන් සිටී නම් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසයි.

මෙම ටියුෂන් ගුරුවරයා පොලිස් ජීප් රියෙන් පැමිණ වේගයෙන් පොලීසිය තුළට පැමිණෙන ආකාරයක් ද දැක ගන්නට තිබෙනවා.