hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 23, පෙ.ව. 7:40



තැපැල් දේපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ දි (2021) රුපියල් බිලියන 7.2ක  පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකාමහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික මහබැංකු වාර්තාවේ සදහන් වනවා.

2020 වර්ෂයේ දි තැපැල් දේපාර්තමේන්තුව රුපියල් බිලියන 7.7ක පාඩුවක් ලබා තිබුණා.

කෙසේවුවද දැනට සිදුවෙමින් පවතින ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගිකයින්ගේ ඉහල යන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව්‍ය අගය එකතුකළ සේවාවන් සැපයිම සිදුකෙරෙනවා. 

මෙකී සේවා අවශ්‍යතාවය පිළිබිඹු කරමින් 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේදී තැපැල් දේපාර්තමේන්තුවේ පාඩුව රුපියල් බිලියන 0.5කින් අඩුවී තිබෙනවා.

දිවයින පුරා තැපැල් බෙදාහැරිමේ ප්‍රදේශ 8157ක් ආවරණය වන පරිදි ප්‍රධාන තැපැල් කාර්යාල 654ක්, උපතැපල් කාර්යාල 3410ක්, පුද්ගලික තැපල් කාර්යාල 130කින් තැපැල් දේපාර්තමේන්තුව සමන්විතයි.