hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 20, ප.ව. 1:10



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාට එම සංස්ථාවේ සේවකයන් විසින් දැඩි විරෝධයක් දක්වා තිබෙනවා.

ඒ සඳහා සංස්ථාවේ තිබෙන සියලු පක්ෂවල වෘත්තීය සමිති එකතුව මෙම විරෝධතාවය පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

සංස්ථා සේවකයින් පවසන්නේ ව්‍යාජ ලිපි ගොනු සකසා වැටුප් වර්ධක 10ක් ලබා ගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමක් අදාළ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කටයුතු කර ඇති බවයි.

එසේම සංස්ථා සේවක සංයුතිය පිළිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට සිය ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන අත්තනෝමතික ලෙස තනතුරු ප්‍රධානය කිරීමක්ද සිදු කොට තිබෙනවා.

දිගින් දිගටම මොහු විසින් සිදුකොට ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත් සංස්ථා සේවකයින් හා සියළු වෘත්තීය සමිති එක්ව අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය වටලා තිබෙනවා.

දැඩි සේවක විරෝධය හමුවේ පැවති තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. සත්කුමාර මහතා හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා ද මැදිහත්වී තිබෙනවා.

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක අදාළ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අදාළ මුදල් වංචා කිරීම සිදු කොට ඇති බවයි සංස්ථා සේවකයන් වැඩිදුරටත් චෝදනා කරන්නේ.