hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූලි 12, ප.ව. 10:57



ජනාධිපතිවරයා සිය නිල තත්ත්වය මත රටින් බැහැර වීම වැළැක්වීම සඳහා නීත්‍යානුකූල බලයක් ආගමන හා විගමන නිලධාරීන් වෙත නොමැති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම තවමත්  ධුරයේ රැදී සිටින ජනාධිපතිවරයා විදේශ ගත වීමේදී එය වැළැක්වීමට තමන් වෙත නීතිමය ප්‍රතිපාදන නොමැති බව ද ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටෙන් පිටවීමට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඔහුට රටින් පිටත්වීම සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා පළවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කටුනායක – ටී.කේ.ජී.කපිල