hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 13, පෙ.ව. 8:57



ගම්පහ ප්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයකු මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නොමිලේ සහල් මලු බෙදා දීමට සූදානම් කර තිබියදී 11 වනදා ඒ නතර කිරීමට පියවර ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසනවා.

ග්‍රාම නිලධාරීවරයෙකුගෙන් ලබා ගත් නාමලේඛනයට අනුව මෙම අපේක්ෂකයා ඔහුගේ නිවෙසට පිරිසක් කැඳවා නොමිලේ සහල් මලු බෙදා දීමට සූදානමක් පවතින බවට මැතිවරණ කොමිෂන් සභාවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව මේ බව ගම්පහ කොට්ඨාශ මැතිවරණ කාර්‍යාලයට දැනුම් දීමෙන් පසුව එම කාර්යාලය ගම්පහ මූලස්ථාන පොලිසියට එය දැනුම් දී ඒ ගැන කඩිනමින් සොයා බලන ලෙස පවසා තිබෙනවා.

ගම්පහ මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රාදේශීය සභා අපේක්ෂකයාගේ නිවසට 11 වනදා ගොස් සහල් බෙදාදීම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බවට කරුණු පහදා දුන් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

පොලිස් කණ්ඩායම කළ කරුණු පහදා දීමෙන් පසුව එම අපේක්ෂකයා නොමිලේ සහල් බෙදා දීම නතර කළ බවයි පොලීසිය සඳහන් කළේ.