hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 23, පෙ.ව. 8:17



ශ්‍රිලංගම විසින් ණයපදනම යටතේ ඉන්දියානු අශොක් ලේලන්ඩ් සමාගම මගින් බස්රථ 2200ක් මිලදි ගැනිමේ දී ණය වාරික නියමිත අයුරින් ගෙවිමට නොහැකිවිම හා ඩොලරයට සාපෙක්ෂව රුපියල අව ප්‍රමාණය විම නිසා ශ්‍රිලංගමට රුපියල් මිලියන 2207ක පාඩුවක් වි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ දැක්වෙනවා.

අදාල සමගාම සමග ඇතිකරගත් ගිවිසුමට අනුව ණය කාල සිමාව ඉක්මවිම කාර්තුමය පදනමින් ගෙවන වාරික විධිමත් පරිදි නොගෙවිම හේතුවෙන් ශ්‍රිලංගමයට පමා පොලිය වශයෙන් රුපියල් මිලියන 419.24ක පොලී මුදලක් ගෙවිමට සිදුවී ඇතැයි සඳහන්.

මෙකි  ගිවිසුම අනුව බස්රථ මිලදී ගැනිම වෙනුවෙන් මුදල් ගෙවීම ඇමරිකානු ඩොලර් මගින් ගෙවීමට ගිවිසුම්ගතව තිබු අතර මෙම කාලය තුලදී ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය විම නිසා රුපියල් මිලියන 1788.76ක අමතර වැය බරක්  නැතහොත් පාඩුවක් ශ්‍රිලංගමයට දැරිමට සිදුවි  ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ඒ අනුව එක් බස්රථයකින් රුපියල් මිලියනයක පමණ පාඩුවක් සිදුවී තිබු අතර ශ්‍රිලංගම විසින් 2014 වර්ෂයේ දී වර්ෂ පහක ණය පදනමක් යටතේ බස්රථ 2200ක් මිලදි ගැනිම සදහා ඉන්දියානු අශොක් ලේලන්ඩ් සමාගම සමග ගිවිසුමකට එළඹ  තිබෙනවා.

මෙකි ගිවිසුමට අනුව එකි බස්රථ සදහා අදාල ගෙවිම් වර්ෂ පහක කාලයක් තුලදී ගෙවා අවසන්කළ යුතුව තිබුණා.

එහෙත් ගිවිසුමේ සදහන් පරිදි ණය වාරික ගෙවිමට ශ්‍රිලංගමයට නොහැකිවී ඇති අතර 2020 වර්ෂයේ මාර්තු මාසය දක්වාම එම ගෙවිම් සිදුකොට තිබෙන බවයි වාර්තා වන්නේ.

ගාල්ල – ලලිත් චාමින්ද