hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 6:08



ලක්ෂ 19ක අත්තිකාරම් මුදල් නොගෙවීමෙන් බදුල්ල ආදාහනාගාරයේ නඩත්තු කටයුතු අතරමඟ නතර කිරීමට සිදු වූ බව කොන්ත්‍රාත් සමාගමේ හිමිකරු ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

බදුල්ල මහ නගර සභාවට අයත් කුටීර දෙකකින් සමන්විත ආදාහනාගාරයේ එක් ආදාහන කුටීරයක නඩත්තු කටයුත්තක් මීට මාස පහකට පමණ ඉහතදී ආරම්භ කර තිබෙනවා.

ඒ සදහා රුපියල් ලක්ෂ 32ක් වැනි සාධාරණ ඇස්තමේන්තුවක් ලබා දුන් බවයි කොන්ත්‍රාත් සමාගම සදහන් කරන්නේ.

ඒ අනුව ආදාහන කුටීරයේ නඩත්තු කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා සියලු වියදම් කොන්ත්‍රාත් සමාගම විසින්ම සිදු කර මීට මාස දෙකකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ 19ක අත්තිකාරම් මුදලක් ඉල්ලා තිබෙනවා.

නමුත් මේ වන තෙක් එම මුදල ලබා නොදීම නිසා නඩත්තු කටයුතු අතරමග නවතා දැමීමට සිදුවූ බවයි අදාල කොන්ත්‍රාත් සමාගමේ හිමිකරු සදහන් කලේ.

“1998 වසරේදී ඉදි කෙරුණු මෙම ආදාහනාගාරය එදා මෙදා තුර කාලයේදී බදුල්ල ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් සැපයූ ස්ථානයක්. පසුගිය කොරෝනා කාලයේදී මෙම ආදාහනාගාරයෙන් සැලසූ සේවාව අති මහත්. නමුත් මේ වන විට ඇතිවෙලා තියෙන තත්වය කනගාටුවට කරුණක්. මාස පහක පමණ කාලයක් තිස්සේ සිදුකෙරෙන නඩත්තු කටයුතු තවමත් ඉවරවෙලා නැහැ. හදිසියේවත් දැනට වැඩ කරන අනෙක් ආදාහන කුටීරයේ බිදවැටීමක් සිදුවූවොතින් ආදාහනය කරන්න ගේන මරණ එලියෙම කුණු වෙවී තියේවි. එම නිසා මෙම තත්වය ගැන සලකා බලා හැකි ඉක්මණින් ආදාහනාගාරයේ නඩත්තු කටයුත්ත නිමකර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා. රටේ පැවති අයහපත් කාලෙදි තමයි ආදාහනාගාරයේ මෙම නඩත්තු කටයුතු කොන්ත්‍රාත් සමාගම භාරගත්තේ. ඒ සම්බන්ධයෙන් එහි හිමිකරුට ස්තූතිය පුද කරනවා. කෙසේ වෙතත් ඔහුගේ අත්තිකාරම් ගෙවීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව මා පිළිගන්නවා. හැකි ඉක්මණින් එම ගෙවීම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මා පියවර ගන්නවා.” යනුවෙන් බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන්ත මහතා සදහන් කළා.

බදුල්ල – ජයලත් දිසානායක