hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 05, පෙ.ව. 10:05



ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 09ක් මගින් 2019 වර්ෂයේදී ක්‍රියාත්මක කිරිමට ඇස්තමේන්තු ගත කොට තිබු රුපියල් මිලියන 103.28ක් වු ව්‍යාපෘති 200ක් විවිධ හේතුන් මත අත්හැර දමා තිබෙනවා.

මේ පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන්.

මෙම ව්‍යාපෘති යෝජනා වැඩි සංඛ්‍යාවක් අනුමත කොට ඇත්තේ 2019 වර්ෂයේ මැදභාගයේ දි බවද විගණන වාර්තාව මගින් හෙළිදරව් වී තිබෙනවා.

2019 වර්ෂයේ නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා ලබාදුන් උපදෙස් මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලබාදුන් උපදෙස් ව්‍යාපෘති අත්හැර දැමිමට හේතුවී තිබු බවද ප්‍රධාන ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට තිබෙනවා.

එමෙන්ම අයහපත් කාලගුණික තත්වය, ව්‍යාපෘති ඉටුකිරිමට සමිති ඉදිරිපත් නොවීම, මැතිවරණ කටයුතු ආදි හේතු ව්‍යාපෘති අත්හැරදැමිමට බලපා තිබෙනවා.

කෙසේවුවද කාර්යක්ෂමව කටයුතු කර සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කොට තිබු ප්‍රතිපාදන උපයෝජනය කර ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.