hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 26, පෙ.ව. 7:35



රුපියල් මිලියන 191.7ක් වැයකොට වෛද්‍ය සැපයුම් කළමණාකරණය සඳහා ස්ථාපිත කර තිබු පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලින කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක දැක්වෙනවා.

එම පරිගණක පද්ධතිය නිසි ලෙස භාවිතයට ගෙන නොතිබු බව ද එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

වෛද්‍ය සැපයුම් හිඟය ඇතිවිමට ආසන්නම හේතුව විනිමය හිඟය වුවද මෙකි පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලින කර එය නිසි ලෙස භාවිතයට නොගැනිම ද හේතුවි ඇති බව විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

ඖෂධ ඇණවුම් කිරිමේ සිට තොග ලැබෙන අවස්ථාව දක්වා එක් එක් පියවර මෙකි පරිගණක පද්ධතියට ඇතුලත්කර අදාල ඇණවුම් සම්බන්ද ප්‍රගතිය යාවත්කාලින කිරිමේ පහසුකම් පරිගණක පද්ධතිය මගින් අදාල ආයතන වෙත ලබාදි තිබුණා.

එහෙත් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ නිලධාරින් විසින් ඇණවුමට අදාල තොරතුරු වසර 07ක කාලයක් තිස්සේ පැවති තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් පද්ධතියට ඇතුලත් කිරිමට කටයුතු කර නොතිබුණි. 

එම තාක්ෂණික දෝෂය නිවරදි කරගැනිමටද කටයුතු කර නොතිබු බව විගණන වාර්තාවේ සදහන්.

වෛද්‍ය සැපයුම් අංශය මගින් ඒ ඒ වර්ෂයට අදාල ඖෂධ ඇණවුම් ලැයිස්තු මාස 11ක සැපයුම් කාලයක් සහිතව මෙකි  පරිගණක පද්ධතිය හරහා ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වෙත ඉදිරිපත් කරණු ලබනවා. එහෙත් සංස්ථාව විසින් වහාම එම ඇණවුම්වලට අදාල ප්‍රසම්පාදන කටයුතු ආරම්භකොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

මෙකි තොරතුරු පද්ධතිය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රෝහල් හා ආයතන 55කට ප්‍රාදේශිය ඖෂධ ගබඩා 26කට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ජාතික ඖෂධ තත්තව පාලන රාසායනාගාරයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සම්බන්ද කර තිබුණා.

වෛද්‍ය සැපයුම් ඇණවුම් කිරිමේ සිට නිකුත් කිරිම දක්වා වු සමස්ත ක්‍රියාවලිය මෙකි පරිගණක පද්ධතිය මගින් පවත්වාගෙන යමින් කළමණාකරණය කිරිමට අපේක්ෂා කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: