hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 9:35



දුම්රිය මාර්ගවල අඩුපාඩු නිසා නිතර දුම්රිය ප්‍රමාදවීම් සහ වේගය අඩුවී දුම්රිය ධාවනයන් සිදුවිය හැකි යැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද අමරසිංහ මහතා පවසනවා.

දැනට දුම්රිය පීලි කැඩී යන අවස්ථාවල ගබඩාවල පවතින පීලි කොටස් අලුත්වැඩියා කර යොදාගන්නා බවත්, නව රේල්පීලි ගෙනඒමට ටෙන්ඩර්පත් කැඳෙව්වත් ඒවා රටට ගෙන ඒමට ලබන අප්‍රේල් දක්වා කල්ගත වන බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙවැනි තත්ත්වයන් හමුවේ දුම්රිය ධාවනය ඉතාමත් සුපරීක්‍ෂාකාරීව සිදුකරන බවත්, දුම්රිය මාර්ගවල පවතින අඩුපාඩු නිසි ලෙස පිළිසකර කිරීමට නොහැකි වුවහොත් දුම්රිය ධාවනය අවදානමකට ලක්විය හැකි බවත් අමරසිංහ මහතා අවධාරණය කරනවා.

දැනට නිතර සිදුවන දුම්රියයන් ධාවනය පමාවීම සැලකිල්ලට ගෙන දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිත වෙලාවට විනාඩි 20 ක් පමණ ඉදිරියට ගෙන දුම්රිය ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව අදහස් කරගෙන සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: