2022 ඔක්‍තෝබර් 07, පෙ.ව. 10:34
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස හර්ෂ ද සිල්වා මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එහිදී කරුණු දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් එල්ල වූ අතර ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා.
ඊට පිළිතුරු දීමට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා උත්සහා ගත් අවස්ථාවේදී කතානායකවරයා ඊට අවස්ථාව ලබා දීමට කටයුතු නොකිරීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළා.
කතානායකවරයා සඳහන් කළේ හර්ෂ සිල්වා මන්ත්‍රීවරයාගේ අදහස වරප්‍රසාද කමිටුවේදී කතා කරන ලෙසයි.
ඊට මේ අවස්ථාවේදී කාලය ලබාදිය නොහැකි බවයි ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළේ.
“ඔබතුමා සැර කළාට කතා කරන්න දෙන්න බෑ. ඔබතුමාට අයිතියක් නෑ එහෙම කියන්න. එහෙම කතා කරන්න දෙන්න බෑ” යනුවෙන් කතානායකවරයා දැඩිව ප්‍රකාශ කළා.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:05
19-04-25
19-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25
05-04-25
05-04-25
04-04-25
04-04-25
04-04-25
04-04-25
30-03-25
30-03-25