hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 මැයි 15, පෙ.ව. 11:17



නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාද සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මියද යෝජනා කර තිබෙනවා.

ඒ දෙදෙනාම පාර්ලිමේන්තුවේ මුලසුන නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක්.

නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසූවේ 17 වැනිදා නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්වයක් තිබෙන බවයි.

ඊට තාක්ෂණික කාරණයක් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.