hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 14, ප.ව. 7:20



ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දළදා මැදුරේදී සිදු කෙරෙන දෛනික තේවා කටයුුතු පෞරාණික චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීම අද (14) මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණ බව වාර්තා වෙනවා.

සෑම වසරකම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු වන අතර එම අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, තේවා කටයුතු භාර මහා සංඝරත්නය, දියවඩන නිළමේ ඇතුළු තේවා කටයුුතු වලට සම්බන්ධ වන ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයින් සහභාගි වෙනවා.

පසුගිය වසරක කාලය මල්වතු විහාර පාර්ශවය මගින් තේවා කටයුුතු සිදු කරනු ලැබෙනවා.

තේවා මාරුව අද (14) පස්වරුවේ සිදු වීමෙන් අනතුරුව පුරා වසරක කාලයක් අස්ගිරි මහා විහාර පාර්ශවය මගින් දළදා තේවා කටයුතු සිදු කරනු ලබයි.

පල්ලේ මාලයට හා පත්තිරුප්පුවට එක් හිමිනම බැගින් සෙසු දෙනම පත් කෙරෙන අතර උන්වහන්සේලා තේවාව භාර පාර්ශ්වයේ නේවාසික උපසපන් භික්ෂූන් වීම අනිවාර්යය සාධකයක්.

තේවා මාරුව සිදු වන අවස්ථාවේ දළදා මාලිගාවේ ලේකම්තැන වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලු බඩු භාණ්ඩවල ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ භාණ්ඩ භාර ගැනීම සිදු කරයි.

මහනුවර – කමල් සුරවීර