hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 9:15



මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (12) අලුයම ගැටඹේ තොටේදී සිදු කෙරුණා.

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර, පෙරහර නැරඹීමට බැතිමතුන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා.

දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දහවල් පෙරහරින් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා.

අනතුරුව පෙරහර සාර්ථකව අවසන් කළ බවට වන සන්දේශය දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතයි.