hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 පෙබරවාරි 24, පෙ.ව. 9:55



ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ නවතම උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව එහි දහ තුන්වන ස්ථානය තෙක් වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාව පැවතියේ එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිම්බාබ්වේට පමණක් දෙවැනි වෙමින්.

නමුත් මේ වන විට ශ්‍රී ලංකාව උද්ධමනය පාලනය කරමින් සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර අදට එම වාර්තාවේ මුල් ස්ථානයේ සිම්බාවේ පසුවෙනවා.

එමෙන්ම ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබූ ශ්‍රී ලංකා රුපියල් අද වන විට ලෝකයේ දුර්වලම මුදල් ඒකක අතරින් යම් ප්‍රගතියක් අත්පත් කරගෙන ස්ථාන කිහිපයක්ම ඉදිරියට පැමිණ ඇති බව ඔහුගේ ට්විටර් ගිණුමේ සදහන්ව තිබෙනවා.