hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 07, ප.ව. 12:55



ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5 කින් පවුල් 2 ක් සිදුකරන වියදම් වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවේ පෙන්වා දෙනවා.

තම මාසික වැටුපෙන් හෝ අදායමෙන් සියයට 75 ආහාර සඳහා වියදම් කරන විට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව එම වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය 2023 වසර පුරාවට පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ලබන වසරේ ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2 කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් මිලියන 2.9 ක් ළමුන් බවත් යුනිසෙෆ් සංවිධානය පවසනවා.

පසුගිය ඔක්තෝබර් මස සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තවත් පිරිහිය හැකි බවත් ඉදිරි මාස වලදී ළමා මන්දපෝෂණ තත්ත්වය දරුණු විය හැකි බවට යුනිසෙෆ් සංවිධානය පුරෝකථනය කරන බවත් එම වාර්තාවේ සඳහන්.