hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 11, ප.ව. 3:24



අද (11) පෙරවරුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ,ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බවටයි.

ඔහු මේ බව දැනුම් දී ඇත්තේ,වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවයි.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කර ඇති අතර ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සමඟ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කර ඇත.

එම නිසාවෙන් මෙම මාස 06 තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කරගත යුතු බවත්, ඒ සඳහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළයුතු බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙනවා.

එහිදී බලධාරීන් අදහස් දක්වමින් කියා සිටියේ, මේ වනවිට ගුවන් යානා 16ක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර එම යානා භාවිත කර දිගු ගමනාන්ත 06ක් සහ කෙටි ගමනාන්ත 29ක ගුවන් මෙහෙයුම් සිදුකරන බවයි.

මෙම මෙහෙයුම් කටයුතු සඳහා කල්බදු පදනම මත බෙල්ජියම් ගුවන් යානා 03ක් සහ Fit Air යානයක් සමාගම වෙත ලබාගෙන ඇති බවත් ඔවුන් පවසන අතර පසුගිය කාලසීමාවේ විටින් විට ශ්‍රීලන්කන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ශනයට සහ විවේචනය ලක්විය.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: