2023 ජූලි 01, පෙ.ව. 3:19
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.
දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත් ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාල කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11