hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 25, ප.ව. 1:49



අද (25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රමාදයන්, තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර ඇත.

එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බව ද එම සමාගම දක්වා තිබෙනවා.

එසේම, ප්‍රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සියලු මඟීන්ගෙන් සමාව අයදින බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බව ද දක්වා තිබෙනවා.