hit counter

2025 ජූලි මස 15 වන අඟහරුවාදා

2022 මැයි 10, ප.ව. 2:45



පනවා ඇති ඇදිරි නිතිය හේතුවෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විශාල පිරිසක් දැඩි පිඩාවට පත් වි සිටිනවා.

හැටන් මාර්ගය ඔස්සේ දුම්රියෙන් සහ පොදු ප්‍රවාහන සේවා වලින් ඊයේ (09) දින ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පිරිස ශ්‍රි පාදය කරුණා කරමින් සිටින අවස්තාවේ ඇදිරි නිතිය පනවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවයි වන්දනාකරුවන් කියා සිටියේ.

මෙසේ පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවෙත් තවත් පිරිසක් නල්ලතන්නියෙත් රැදි සිටින අතර එම පිරිස කොළඹ, ගාල්ල, කළුතර, අඹේපුස්ස ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි පිරිසක් බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ආපසු නිවාස කරා යාමට නොහැකිව  පිඩාවට පත් වි ඇති පිරිසට අවශ්‍ය පහසුකම් ලබාදිමට නල්ලතන්නිය සහ හැටන් පොලිසිය පියවර ගෙන ඇති බවත්, එම පිරිස ලංගම බස් රථ වලින් පිටත් කර යැවිමට පියවර ගන්නා බව හැටන් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසුවා.