hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 08, ප.ව. 4:25



ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දුන්නා.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පසුගියදා ඔහුව අත්අඩංගුවට ගත්තා.

ඇප ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසප් ස්ටාලින්ට මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එයින් තමාට විශේෂයක් සිදු නොවුණු බවයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“පැහැදිලිවම ජනධිපතිතුමා කතා කළේ විශේෂයෙන්ම කොටුවේ මම පොලීසියේ ඉන්න වෙලාවේ චම්පික රණවක ඇමතිවරයා මාව බලන්න ආවා. ඒ බලන්න ආපු වෙලාවේ චම්පික රණවක ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ආවා ජනාධිපතිවරයා මම හිතන්නේ මොකක් හරි වෙන අවශ්‍යතාවයක් ද දන්නේ නැහැ. ඒ කතා කරන අවස්ථාවේ ඔහුගේ උපන්දිනය කියලත් ඔහු කිව්වා එදා. නමුත් එවෙලේ මටත් කතා කරලා ජනාධිපතිවරයා කිව්වේ ඔබව තවම උසාවියට ඉදිරිපත් කරලා නැද්ද කියලා. මම උදේම පොලීසියට කිව්වනේ උදේම උසාවියට ඉදිරිපත් කරන්න කියලා කිව්වා කියලා. නමුත් අපිව ඒ දවසේ උසාවියට ඉදිරිපත් කළේ නැහැ. ඉදිරිපත් කළේ එදා රෑ මහේස්ත්‍රාත් තුමාගේ ගෙදරට. නමුත් ජනාධිපතිතුමා කතා කරා කියලා මට විශේෂ දෙයක් වුණේ නැහැ. නමුත් අපි පැහැදිලිවම කියනවා ප්‍රකාශ කරන දේ ක්‍රියාවට නගන්න කියලා.”