hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 07, පෙ.ව. 9:59



ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙනවා.

ඒ අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝණය වන බව එම සංගමය පෙන්වා දෙනවා.

මෙවන් අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: