hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:04



මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කොට්ටාව සහ තලවතුගොඩ ප්‍රදේශ වල පවත්වාගෙන යන වීදි ආපන ශාලාවල සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර ආහාර අලෙවි කළ වීදී ආපන ශාලා හයකට නිවේදන නිකුත් කොට ආපන ශාලා 14 එරෙහිව කඩුවෙල අධිකරණයේ නඩු පැවරු බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල මුතු කුමාරණ මහතා පවසනවා.

මෙහිදී තලවතුගොඩ කිඹුලාවල street food අළෙවි සල් 35 ඇතුළුව ආපන ශාලා 55 ක් මෙහීදී පරීක්ෂාවට ලක් කළ අතර එහිදී පිටි කෑම මස් මාලු කෑම ඇතුළු වෙනත් කෑම වර්ග විවෘතව මේස මත ප්‍රදර්ශනය කොට අලෙවි කිරීම නිසා එම ආහාර වලට දූවිලි සහ වාහන වලින් පිටවන දුමාරය සෘජුවම වැදීම තුළින් ආහාර දූෂණයට ලක්ව තිබෙනවා.

ඊට අමතරව පිසු ආහාර , අමු ආහාර සමඟ එකට තැබීම ,මලකඩ යකඩ තැටි මත මස් බැදීම සහ මස් බැදීමද මෙහිදි සිදු කර තිබුණා.

තවද කොත්තු රයිස් නූඩ්ලස් වැනි අමු ආහාර ලෑලි කෑලි මත පරිසරයට නිරාවරණය වෙමින් ප්‍රදර්ශනය කර තැබෙන අතර ඒවාට දැඩි ලෙස දූවිලි වැදී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: