hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 අගෝස්‍තු 08, ප.ව. 1:46



ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භුමියේ ඉදි කර ඇති අට්ටාල ගලවා ඉකුත් 05 වනදා පස්වරුව වන විට එයින් ඉවත් වන ලෙස පොලීසිය අරගලකරුවන්ට දැනුම් දුන්නා.

නමුත් පසුව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භුමියේ පවතින අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමෙන් වළකින බවයි.

කෙසේවෙතත් එවැනි වටපිටාවක් තුළ ආරම්භයේ සිට ගෝඨා ගෝ ගම අරගල භුමියේ සිටි කණ්ඩායම් බොහොමයක් මේ වන විට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට අරගල භූමියේ ඉතිරිව ඇත්තේ අරගලකරුවන් ඉදි කර ඇති කූඩාරම් 15ක පමණ ප්‍රමාණයක් පමණයි.

මේ අතර හෙට අරගල භූමියට ජනතාව නොපැමිණියහොත් තමන් ඇතුළු පිරිසද අරගල භූමියෙන් ඉවත් වන බව එහි වස් වාසය කරමින් රැඳී සිටින පූජ්‍ය ධම්ම සුජාත හිමි ඇතුළු පිරිසක් පවසනවා.

“අප්‍රේල් 09 වනදා ඉඳන් මේ දක්වා මේ අරගල භූමියේ සිද්ධ වුණ සියලුම දේවල් දිහා අපි නිහඬව බලාගෙන හිටියා. මේ අරගල භූමියේ මුලින්ම විශාල සෙනගක් හිටියා. අද බලන්න කි දෙනයිද ඉන්නේ කියලා මේ අරගල භූමියේ. රටවැසියන් ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ සිස්ටම් චේන්ජ් කියාගෙන ආපු පිරිස ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම තමන්ගේ පක්ෂය රජ කර ගන්න. තියෙන ආණ්ඩු පක්ෂය අයින් කර ගැනීමත් තමයි ඒගොල්ලන්ගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. එහෙම නැතුව සිස්ටම් චේන්ජ් කරන එකක් මේගොල්ලන්ගේ තිබිලා නැහැ. හෙට අගෝස්තු 09 වෙනිදා මේ භූමියේ මෙච්චර කල් සිදු කරගෙන ආපු අරගලයේ ප්‍රතිඵලයක් නැත්තම් අපි මේක හෙටින් නතර කරන්න ඕනේ. ඒක අපි නතර කරනවා.”