hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 20, පෙ.ව. 8:44



සුරක්ෂා සිසු රක්ෂණාවරණ ක්‍රමය ක්‍රියාත්මක වු දින සිට ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31 වැනිදින දක්වා කාලය තුල සුරක්ෂා රක්ෂණය සම්බන්දයෙන් ඉදිරිපත්කොට තිබු අයදුම්පත් 33,974ක් ප්‍රතික්ෂේප වී තිබු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වි තිබුනද එසේ ප්‍රතිලාභ නොලැබිමට හේතු පිළිබද අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය විසින් පසුවිපරමක් සිදුකොට නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

සියළු තොරතුරු නිරික්ෂණය කිරිම සදහා රක්ෂණ සංස්ථාව සමග ඒකාබද්ධ පරිගණක දත්ත පද්ධතියක්ද පවත්වාගෙන නොතිබූ බවද විගණන වාර්තවේ සදහන්.

එමෙන්ම රක්ෂණාවරණ සදහා ආයතන තෝරාගැනිමේ දි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව රක්ෂණ සමාගම් දෙකකට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබු බවද විගණන කාර්යාලය පවසනවා.

2018 ඔක්තෝබර් මස 01 සිට 2022 දෙසැම්බර් මස 01 දක්වා කාලපරිච්ඡේදය තුලදී එක් රක්ෂණ සමාගමක් වෙත වර්ෂයක කාලයක් සදහාද අනික් රක්ෂණ ආයතනය සඳහා වර්ෂ 04ක් සඳහා කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණා.

කොන්ත්‍රාත් පිරිනැමිම සම්බන්දව ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට කිසිවක් සදහන් කොට නොතිබූ බව වාර්තා වනවා.

රක්ෂණ අයදුම්පත් ප්‍රතික්ෂේප විම සම්බන්දව අදාල ආයතන වලින් තොරතුරු විටින් විට ලබා දි ඇති බව ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: